දකුණු අප්රිකානු රූ රැජිණ ලෙස කිරුළ පළඳින්නට ශ්රව්යාබාධිත තරුණියකට හැකි වී තිබෙනවා.
28 හැවිරිදි මියා ලේ රූ මෙවර දකුණු අප්රිකානු රූ රැජිණ කිරුළ හිමිකරගෙන ඇත්තේ බාධක රැසක් ජය ගැනීමෙන්.
ඇය දකුණු අප්රිකානු රූ රැජින කිරුළ හිමිකරගත් පළමු ශ්රව්යාබාධිත තරුණියයි.
එමෙන්ම ඇය අලෙවිකරණ කළමනාකරුවෙකු සහ නිරූපිකාවක වශයෙන් සේවය කරනවා.
ඇය තරගයේදී කළ කතාවේදී පවසා ඇත්තේ, සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන අයට ඇයගේ ජයග්රහණය උපකාරයක්වනු ඇති බවයි.