Category: Local News
බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම – රවී සෙනෙවිරත්නට රු. 2,500ක දඩයක්
ඒ අනුව, “රිය අනතුරක් වළක්වා නොගැනීම” යන පළමු චෝදනාවට වරද පිළිගත් ඔහුට රුපියල් 2,500ක දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය ඊයේ (09) නියෝග කළාය.
බන්ධනාගාර ගැටුමේ මියගිය නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දීලා – පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.
“නැත්ත වෙනුවට ඇත්ත” නඩුවේ වන්දි නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කරනවා – අමාත්‍ය බිමල් රත්නායක
එමෙන්ම නායයෑම් හේතුවෙන් හානි වූ කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වන විට හෝ 2027 වසරේ ජනවාරි – පෙබරවාරි මාස වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – පීඨ කිහිපයක දේශන සතියක් ඔන්ලයින්
ඩෙංගු රෝගීන්ට ප්‍රමාණවත් විවේකය අත්‍යවශ්‍ය බැවින් මෙම කාලය තුළ දේශන ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එල් නිනෝ හමුවේ ජල කළමනාකරණයට විශේෂ යාන්ත්‍රණයක්
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජල කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතනවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි.
අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන්න – ගජේන්ද්‍රකුමාර් කථානායකගෙන් ඉල්ලයි
ඒ මහතාගේ ලිපියේ සඳහන් කර ඇත්තේ අර්ච්චුනා මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියේ තමන්ට අපහාස කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සිටින බවයි.
තවත් අලුත් බන්ධනාගාරයක් පිහිටුවයි
බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.