Business

නව විශේෂාංග සමඟින් Google Pixel නවතම දුරකථන එළියට

නව විශේෂාංග සමඟින් Google Pixel නවතම දුරකථන එළියට

ගූගල් සමාගමේ කෘතීම බුද්ධිය අන්තර්ගත Pixel ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එම සමාගම විසින් පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවති උත්සවයක දී මෙම දුරකථන ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම කෘතීම බුද්ධිය අන්තර්ගත දුරකථන සඳහා Screenshot search සහ Gemini chatbot විශේෂාංග අන්තර්ගත කර ඇති බව ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, Google Pixel 9 දුරකථන මාදිලිය අඟල් 6.3ක තිරයකින් සමවිතවන අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 799සිට ආරම්භ බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඔවුන්ගේ පෙර මාදිලියට සාපේක්ෂව මෙම දුරකථනයේ මිල ඩොලර් 100කින් ඉහළ නංවන බව එම සමාගම පවසනවා.

Google Pixel 9 Pro XL දුරකථන අඟල් 6.8ක තිරයකින් සමන්විතවන අතර, එය වෙළඳපොළ වෙත නිකුත් කිරීම මේ මස ආරම්භ කිරීමට නියමිත බවයි සමගම පවසන්නේ.

එමෙන්ම උසස් මට්ටමේ තාක්ෂණයකින් සමන්විත නැමිය හැකි Google Pixel 9 Pro සහ Google Pixel 9 Pro Fold දුරකථන දිත්වය එළඹෙන මස වෙළඳපොළට නිකුත් කිරීමට ආරම්භ කිරීමට අපේක්ෂිත බව සමාගම සඳහන් කරනවා.

එමෙන්ම Google Pixel 9 දුරකථන මාදිලියේ තිරය OLED තාක්ෂණයෙන් සමන්විත උසස් විශේෂාංග සහිත තිරයක්වන අතර, මෙම දුරකථනය Google විසින් නිර්මාණය කරන ලද නවතම ප්‍රොසෙසරයකින් ද (processor) සමන්විතයි.

Related Articles

Back to top button