Local News

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද(15) වීදි සංචාරය කිරීමට නියමිතයි.

නිරිත දිශාමුඛව අද රාත්‍රී 6.15ට සිවුමහා දේවාලයන්හී රන්දෝලි බහා අද සවස 6.38ට යෙදෙන සුබ මුහුර්තියෙන් රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්ත ධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ දළදා මාළිගාවේ පෙරහරට සම්බන්ධ වෙනු ඇති.

නිරිත දිශාමුඛව රාත්‍රී 6.45ට දළදා මාළිගාවේ පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ පැමිණ ඩී. එස් සේනානායක වීදියෙන් හැරී පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, පහළ වීදිය ඔස්සේ පහළට පැමිණ, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය ඔස්සේ ගමන් කොට ඩී. එස් සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ඉහළට විත් පෙරහැර ගෙවැදීමට නියමිතයි.

අවසන් රන්දෝලී පෙරහැර 19 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

Back to top button