බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ජලාල් යුනුස් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්යක්ෂවරයකු ද වන ජලාල් යූනුස් බංග්ලාදේශයේ අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු සිය ධුරයෙන් ඉවත් වූ පළමු ක්‍රිකට් අධ්යක්ෂවරයා බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.
“මම ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවය වෙනුවෙන් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා,” යනුවෙන් ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රකාශකර සිටියා.
ඉදිරියේදී බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අන්තර්වාර රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.