Local News

වජිරා චිත්‍රසේන මහත්මිය දිවි සැරිය නිමා කරයි.

වජිරා චිත්‍රසේන මහත්මිය දිවි සැරිය නිමා කරයි.

කරදිය සහ නලදමයන්ති මුද්‍රා නාට්‍ය ඇයගේ නර්තනයන්ගෙන් ශෝභාමත් වූ අයුරු බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳි නිර්මාණයි..
අසහාය නර්තන ශිල්පිනියක් වූ වජිරා චිත්‍රසේන නම් ඇය දැයෙන් සමුගත් පුවත සියල්ලන්ගේම නෙත් කඳුළින් තෙත් කළා..

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ⁣ඊයේ දහවල් අභාවප්‍රාප්ත වුණා..

මිය යන විට 92වන වියෙහි පසුවූ ඇය දෙදරු මවක්.. ජාත්‍යන්තර කීර්තිට පත් ප්‍රවීණ නර්තන ශිල්පී දිවංගත චිත්‍රසේනයන්ගේ බිරිඳ ද වන ඇය, නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති තැනැත්තියක්..


ඇය එම කලාව සිය සැමියා සමග ලොව වටා ගෙන යාමට කටයුතු කළ අතර ඒ නිසාම ඇයගේ උඩරට නර්තනයට ඇති හැකියාවට සහ එය ප්‍රචලිත කිරීමට ගත් කැපවීම සම්මානයෙන් උදෙසා 2020වසරේදී ඉන්දියාවේ පද්මශීු සම්මානයෙන් පුද ලැබුවා..

උඩරට නර්තනයට මෙන්ම බටහිර බැලේ නර්තන ශිල්පයටද එකසේ හපන්කම් ඇති වජිරා එහි කූඨාප්‍රාප්තියට සමිප වු  ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙස හැඳින් වෙනවා..

ප්‍රවීණ නර්තනා ආචාර්යවරියක් වන ඇයගෙන් එම ශිල්පය හැදෑරුවෝ දහස් ගණනක්..

කලා භූෂණ, දේශබන්දු දේශාභිමානී ආදී මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන සෑම එකක්ම ඇය හිමිකරගෙන ඇති අතර නර්තනය සම්බන්ධයෙන් චිත්‍රසේන වජිරා යුවල පුරාවෘත්තයක් ලෙස සැලකෙනවා..

ඇය කළුතර බාලිකා විද්‍යාලය සහ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්..

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ලෙක් පොදු සුසාන භූමියේදී අද පස්වරු 4.00ට සිදු කිරිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.. 

Related Articles

Back to top button