ටෝනඩෝවක් නිසා හලාවත, කරුකුපනේ, කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවී තිබෙනවා.
මේ හේතුවෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි වාර්තා වනවා.
පාසලේ වහලවල තිබූ ඇස්බැස්ටෝස් හා උළු සෙවිලි සුළගට ගසා ගෙන ගොස් මෙම හානි සිදුව තිබෙනවා.
ඊයේ (29) මෙය සිදුව ඇති බවත් ඇතැම් සෙවිලි ද්‍රව්‍ය මිටර් 50කට වැඩි දුරකින් වු කරුකුපනේ කලපුවට වැටී තිබෙන බව පැවසෙනවා.
මේ අතර සුළග සමග ආ වැස්ස නිසා පංති කාමරවලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයටද හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.