පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා.
තැපැල් ඡන්ද ප්රකාශ කිරීම පෙරේදා (31) ආරම්භ වූ අතර, එහිදී දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථාන මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්යාලවල නිලධාරින් ඡන්දය භාවිත කළා.
අද සහ ලබන 04 වනදා අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක කියා සිටියා.