මත්පැන් නිෂ්පාදකයින් සඳහා පනවා ඇති බදු කාලවාරවල හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන්, සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 30 වනදාට පෙර සියලු හිඟ මුදල් ගෙවන්නැයි අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හිඟ බදු ගෙවීමට සිටින සමාගම් සංඛ්‍යාව, 10කට ආසන්න වෙන අතර ඔවුන්, රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම කාලසීමාව තුළදී පැනනමට ඇති මුදල් කඩිනමින් නොගෙවන්නේ නම්, එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ