Local News

අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්

අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්

අනිද්දා (25) ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, මුල් දින 06ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර අද විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.

අනිද්දා ආරම්භ වන උසස් පෙළ විභාගය ලබන මස 20 දා දක්වා මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වෙනු ඇති.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්.

ඒ අතරට, පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

Related Articles

Back to top button