Sports

අවසන් ටී 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

අවසන් ටී 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක  ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා.

ඒ ලකුණු 07කින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කරගත්තා.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17ක්ද, නායක චරිත් අසලංක ලකුණු 46ක්ද, රැස් කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකල කුසල් පෙරේරා පන්දු 44කදී ලකුණු 101ක් රැස් කළ අතර, එම ශතකය පන්දුවාර 20 තරගයකදී මෙරට ක්‍රීඩකයෙකු ලබා ගත් තෙවැනි ශතකය වනු ඇති.

මින්පෙර මහේල ජයවර්ධන සිම්බාවේ කණ්ඩායමට එරෙහිව 2010 දී පන්දු 64කට ලකුණු 100ක් වාර්තා කර තිබෙනවා.

තවද, තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පන්දු 57කදී නොදැවී ලකුණු 104ක් රැස්කර ගත්තේ 2011 වසරේදීයි.

අද තරගයේ පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Matt Henry, Jacob Duffy, Zakary Foulkes, Daryl Mitchell සහ Mitchell Santner අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 212ක් රැස් කර ගත්තා.

එහිදී, Tim Robinson ලකුණු 37ක්ද, Rachin Ravindra ලකුණු 69ක්ද, Mark Chapman ලකුණු 09ක්ද, Glenn Phillips ලකුණු 06ක්ද, Daryl Mitchell ලකුණු 35ක්ද, Mitchell Hay ලකුණු 08ක්ද, Michael Bracewell එක් ලකුණක්ද, නායක Mitchell Santner නොදැවී ලකුණු 14ක්ද, Zakary Foulkes නොදැවී ලකුණු 21ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක කඩුළු 03ක්ද, වනිඳු හසරංග කඩුළු 02ක්ද, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා.

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 අවසන් තරගය ජය ගැනීමට  ශ්‍රී ලංකාව සමත් වූ නමුත් ,මීට පෙර පැවති තරග 02 ම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ බැවින් සමස්ථ තරගාවලියේ ජය නවසීලන්තයට හිමිවුණා.

Related Articles

Back to top button