World

මොනාලිසා සිතුවමට අලුත් තැනක්.

මොනාලිසා සිතුවමට අලුත් තැනක්.

ලෝකයේ වැඩිපුරම සංචාරක ආකර්ශනය හිමි කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස සුප්‍රකට ‘මොනාලිසා’ සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙන යෑමට නියමිත බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසනවා.

2031 වන විට මෙම වෙනස හඳුන්වා දීමට නියමිත අතර, සිතුවම නැරඹීමට අමුත්තන්ගෙන් වෙන වෙනම අය කරනු ලබන‍ බවයි, සම්භාවනීය අමුත්තන් පිරිසක් අමතමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (28) පවසා තිබුණේ.

ලූවර් කෞතුකාරය කෙරෙහි වන දැඩි සංචාරක ආකර්ෂණය හේතුවෙන් මතුව ඇති දුෂ්කරතාවන් කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා විසින් හෙළිදරව් කිරීමෙන් පසුවයි ප්‍රංශ ජනාධිපතිවරයා නව සැලැස්ම ප්‍රකාශයට පත් කර සිටියේ.

ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරයාගේ “නව පුනරුදය” ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ඉදිරි මාස කිහිපය තුළ “ජාත්‍යන්තර ගෘහ නිර්මාණ තරඟයක්” පැවැත් වීමට නියමිත අතර එයින් තෝරා ගන්නා සැලැස්මකට අනුව 2031 වන විට අදාළ ගොඩනැගිලි පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ.

Related Articles

Back to top button