World

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබේ.

එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට ඊයේ (2) දිනයේදී බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ගිණුම්ද ඇතුළත්කර ඇත.

ඒ අනුව මේ වනවිට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම් අවහිර කර තිබේ.

එමෙන්ම හිටපු පාකිස්තානු තරුවන ෂොයිබ් අක්තාර් සහ ෂාහිඩ් අෆ්රිඩිගේ ගිණුම්ද ඒ අතර ඇත.

තවද පාකිස්තානයේ හිටපු අගමැති මෙන්ම හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ ගිණුමට ඉන්දියාව තුළ ප්‍රවේශ විය නොහැක.

ඉන්දියාවේ සිට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට ‘ඉන්දියාව තුළ ගිණුමක් නොමැත’ යනුවෙන් දැක්වෙන බව වාර්තා වේ.

ඉකුත් අප්‍රේල් 22වනදා දකුණු කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන හෙහෙල්ගම් අසල තණබිමක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයින් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එම ප්‍රහාරයට පාකිස්තානය වගකිය යුතු බවට ඉන්දියාව විසින් පාකිස්තානයට ඍජු චෝදනා එල්ල කළේය.

Related Articles

Back to top button