Local News

විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 717ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම දිවයින පුරා මෙලෙස අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී සිදුකරන බවද වැඩිදුර සඳහන්.

ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (25) දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කළ පුද්ගලයින් ගණන 27,932 කි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 717 කි.

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 28 කි.

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 246 කි.

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 166 කි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 32 කි.

අපරික්ෂාකාරි රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් 23 කි.

රථවාහන වෙනත් වැරදි 3,747 කි.

Related Articles

Back to top button