
අද පවතින වේගවත් ලෝකය තුළ, බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට මානසික ආතතිය නොදැනුවත්වම පත්ව ඇත. මූල්‍ය පීඩනය සහ රැකියා ආතතියේ සිට පෞද්ගලික ගැටලු සහ මානසික කඩා වැටීම් දක්වා, මිනිස්සු වෙනදාට වඩා විශාල බරක් තම මනසෙහි දරාගෙන සිටිති. එසේ වුවද, මානසික සුවතාවය පිළිබඳ ප්‍රසිද්ධියේ කතාබහ කිරීම තවමත් සීමිත මට්ටමක පවතී.
මෙවර ලෝක තේ දිනයේදී, කොළඹ වඩාත්ම කාර්යබහුල පොදු ස්ථානයක් වන කොටුව දුම්රිය ස්ථානය, මිනිසුන්ට මොහොතකට නතර වී, සිතන්නට සහ නැවත එකිනෙකා හා සම්බන්ධ වීමට හැකි අවකාශයක් බවට පත් කරමින් “ඩෙල්මේජ් හිරු කහට” වෙනස්ම ආකාරයේ අත්දැකීමක් රැගෙන එන ලදි. මෙම වැඩසටහන මගින් දිනපතා දුම්රියෙන් ගමන් කරන මගීන්ට තමන් මෙතෙක් සිතේ සිරකරගෙන සිටි අදහස් බෙදා ගැනීමටත්, නිර්නාමික සටහන් ලිවීමටත්, සවන් දීමට වෙන් කළ අවකාශයක සිටි අයෙකු සමඟ කතා කිරීමෙන් තම ගැටලු වලට පිළියම් ලබාගැනීමටත් මෙන්ම උණුසුම් තේ කෝප්පයක් රසවිඳිමින් ජීවිතයේ වේගය මදකට බාල කිරීමටත් අවස්ථාව සලසා දෙනු ලැබිණි.
මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධානතම පණිවිඩය ඉතාම සරල මෙන්ම ප්‍රබල එකකි:
“ඩෙල්මේජ් හිරු කහට – හිතේ තියෙන එකම කහට ”
මනසෙහි පවතින නීරස බව, ආතතිය සහ නිහඬ අරගලයන් සිත තුළම සිරකරගෙන සිටිනවා වෙනුවට ඒවා මුදා හැරීමේ වැදගත්කම මෙම මුලපිරීම මගින් මතු කර පෙන්වන ලදි. බොහෝ දෙනෙක් මානසිකව, හැඟීම්බරව මෙන්ම මූල්‍යමය වශයෙන්ද දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි කාලසීමාවක, සුවපත් වීම යනු ඉතා කුඩා දෙයකින්, එනම් කතාබහකින්, කරුණාවන්ත මොහොතකින් හෝ සරල තේ කෝප්පයකින් පවා ආරම්භ විය හැකි බව සිහිපත් කළ මෙම වැඩසටහන මහජනතාවගේ හදවත්වලට තදින්ම දැනුණි.
“ඩෙල්මේජ් හිරු කහට” සන්නාමය, තේ යනු හුදෙක් පානයක් ලෙස පමණක් හුවා දැක්වීම වෙනුවට, අද වන විට මිනිසුන්ට වෙනදාටත් වඩා බෙහෙවින් අවශ්‍ය වී ඇති උණුසුම, බැඳීම සහ මානසික අස්වැසිල්ලේ සංකේතයක් ලෙස තමන්ව ස්ථානගත කිරීමට මෙහිදී සමත් විය.



