Sports

ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්

ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්

ප්‍රංශයේ පැරීසිය මූලික කරගනිමින් දින 18ක් පුරාවට ක්‍රීඩා ඉසව් 32කට අදාළ ව රන් පදක්කම් 329ක් බෙදා දීමට සූදානමින් 2024 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වී හමාරයි.

ආරම්භය

මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල එළඹෙන ජුලි 26 වැනි දා පැවැත්වීමට නියමිත නමුත්, පාපන්දු, රග්බි, Handball සහ දුනු විඳීමේ තරග ඉසව්වල මූලික තරග එළඹෙන 24 වැනි දා පටන් ආරම්භ වනු ඇති.

තරගාවලියේ සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ Seine ගංගාව දිගේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අගෝස්තු මස 11 වැනිදායින් තරගාවලිය අවසන් වනු ඇති.

මීටර් 100 තරඟ ඉසව්

ලොව ඕනෑම ක්‍රීඩා ලෝලියකු වැඩි වශයෙන් බලාපොරොත්තු තබා සිටින මීටර් 100 ඉසව්වේ කාන්තා අවසන් මහා තරගය අගෝස්තු මස 04 වැනි දා උදෑසන 12.50ට පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු මස 05 වැනි දා උදෑසන 1.20ට පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

රන් පදක්කම් බෙදී යාම

මෙවර රන් පදක්කම් 329ක් බෙදා දීමට නියමිත අතර, ඉන් පදක්කම් 39ක් ම අගෝස්තු මස 10 වැනි දා බෙදා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙවර ඔලිම්පික් උළෙලේ අවසන් රන් පදක්කම අගෝස්තු මස 11 වැනි දා කාන්තා Basketball ඉසව්ව වෙනුවෙන් පිරිනැමෙනු ඇති.

වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්
අරුණ ඔලිම්පික් වරම් ලබයි!
තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
Ritzbury සහය දිවීමේ සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගී වේලාවන්

විරේන් නෙත්තසිංහ – බැඩ්මින්ටන් පිරිමි කේවල – ජුලි 27- සවස 2.30
ගංගා සෙනෙවිරත්න – කාන්තා මීටර් 100පසුපස ආර පිහිනුම් – ජුලි 28 – සවස 2.30
කයිල් අබේසිංහ – පිරිමි මීටර් 100නිදහස් ආර – පිහිනුම් – ජුලි 30 – සවස 2.30
තරුෂි කරුණාරත්න – කාන්තා මීටර් 800- අගෝස්තු 02 – රාත්‍රි 11.15
අරුණ දර්ශන- පිරිමි මීටර් 400 – අගෝස්තු 04 – රාත්‍රි 10.35
දිල්හානි ලේකම්ගේ – කාන්තා හෙල්ල විසිකිරීම – අගෝස්තු 07- දහවල් 1.55

Related Articles

Back to top button