Local News

බිත්තර මිල අඩු නොකලොත් යළිත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බව ඇමති කියයි.

බිත්තර මිල අඩු නොකලොත් යළිත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බව ඇමති කියයි.

බිත්තරයක් සිල්ලර මිල ලෙස රුපියල් 40කට ලබාදීමට හැකි බවත්, එසේ ලබාදීමට නොහැකි වුවහොත් යළිත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවත්, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

එළැඹෙන දෙසැම්බර් මස උත්සව සමයේදී කේක් නිෂ්පාදකයන්ට බිත්තර විශාල ප්‍රමාණයක් අවශ්‍යවන අතර, ඔවුන්ට අවශ්‍ය පරිදි බිත්තර නොමැති නම් අනිවාර්යෙන්ම ආනයනය කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේ නැතිනම් නිෂ්පාදකයින් පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කර ඔවුන්ව ආරක්ෂා කළ යුතු බව ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින තුනක කාලය තුළදී ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Articles

Back to top button