Local News

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවය.

මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Back to top button