Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට අද තීරණාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට අද තීරණාත්මකයි

ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම් අතර අද (24) පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30ට Al Amerat ක්‍රීඩාංගණයේදී  ආරම්භවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 8කට සහභාගිත්වයෙන් මෙහි මූලික වටයේ තරග පැවැත්විණි.

එහි ‘ඒ’ කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී, ක්‍රීඩාකළ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පවත් විය.

‘ඒ’ කාණ්ඩයට ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A හා හොංකොං ජාතික කණ්ඩායම ක්‍රීඩා කළේය. ඉන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානට පමණක් පරාජය විය.

මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (25) ප.ව. 7.00ට පැවැත්වෙන අතර, එම තරගය මෙහි ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් ඉන්දීය A කණ්ඩායම හා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර පැවැත්වේ.

මෙම තරගාවලිය අවසන්වරට ඉකුත් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැති අතර, එවර ශූරතාව දිනාගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් විය.

ආසියානු වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ලෙස 2013 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය 2020 වසරේදී ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙසින් වෙනස් විය.

මේ සඳහා ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් ඔවුන්ගේ ‘ඒ’ කණ්ඩායම් ඉදිරිපත් කරන අතර, අනෙකුත් රටවල් ඔවුන්ගේ ජාතික කණ්ඩාම් ඉදිරිපත් කරනු ලබයි.

මේ දක්වා පැවැත්වූ අදියර 5න් ශ්‍රී ලංකාව දෙවරක්ද (2017,2018), පාකිස්තානය දෙවරක්ද (2019, 2023) හා ඉන්දියාව එක් වරක්ද (2013) ශූරතාව දිනා ඇත.

Related Articles

Back to top button