තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් විය.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (29) දිනයේදී ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.
පන්දු 183කින් ගොඩනැගූ ස්ටබ්ස්ගේ ශතක ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.
මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩාකරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 289ක් රැස්කරගෙන සිටියි.
ස්ටබ්ස් සමගින් කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 89ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ලට මේ වනවිට ලකුණු 200ක නොබිදුණු සබඳතාවක් පවත්වා ඇත.
දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට ලකුණු 438ක් ඉදිරියෙන් සිටියි.