2026 තරුණ ඔලිම්පික් ක්රීඩා තරගාවලියට සහ 2028 ඔලිම්පික් තරගාවලියට දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් පුහුණු කිරීම සදහා ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරු වන දකුණු කොරියානු ජාතික කිම් හියුම් ටක් ඊයේ දිවයිනට පැමිණියා.
ඔහු මෙම පුහුණු වැඩසටහන අද සිට 23 වැනිදා දක්වා ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
කිම් හියුම් ටක් දකුණු කොරියාවේ දුනු විදීමේ පුහුණුකරු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අතර ඔහු 1984 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී දකුණු කොරියාවට ප්රථම රන් පදක්කම දුනු විදීමේ ඉසව්වෙන් ලබා දීමට කටයුතු කර තිබුණා.