Sports

Punjab නායකත්වය Shreyas Iyerට හිමි වෙයි

Punjab නායකත්වය Shreyas Iyerට හිමි වෙයි

එළඹෙන IPL තරගාවලියේ දී Punjab Kings කණ්ඩායමේ නායකත්වය Shreyas Iyer හට හිමි වී තිබෙනවා.

පසුගිය වසරේ දී පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී  ඉතිහාසයේ දෙවැනියට ඉහළම වටිනාකමට හිමිකම් කියමින් Punjab Kings සමඟ එක් වූ Iyer බොහෝ දුරට ඔවුන්ගේ නායකත්වයට පත් වනු ඇති බව අනුමාන කෙරුණා.

එම අනුමාන කිරීම් සත්‍ය වන බව පසුගිය ඉරිදා (12) දිනයේ දී ඉන්දීය Reality වැඩසටහනක් වන The Big Boss සමඟ එක් වූ Iyer විසින් තහවුරු කර තිබුණා.

මේ වන විට 30 හැවිරිදි වියේ පසු වන Iyer මෙතෙක් IPL ඉතිහාසයේ ශූරතාව දිනා ඇති නායකයින් අට දෙනා අතරට තම නම එක් කර ගැනීමට පසුගිය වසරේ දී සමත් වුනේ Kolkata Knight Riders කණ්ඩායම ශූරතාව සඳහා රැගෙන යමිනුයි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ වර්තමානයේ නායකත්වය වෙනුවෙන් ඉහළ බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩකයකු ලෙස සැලකෙන Iyer විසින් සිය IPL ඉතිහාසයේ ක්‍රීඩා කරන තෙවැනි කණ්ඩායම ලෙසයි Punjab Kings කණ්ඩායම සටහන් වන්නේ.

ඔහු Delhi Capitals කණ්ඩායම සමඟ ක්‍රීඩා කරමින් මෙන්ම එම කණ්ඩායමට නායකත්වය ද දරමින් විශේෂ කඩඉම් තරණය කිරීමට සමත් වූ අතර, Delhi සමඟ එක් වී 2020 IPL අනුශූරතාවය ද හිමි කරගත්තා.

මේ අතර මෙවර Syed Mushtaq Ali Trophy තරගාවලියේ Mumbai කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් පිත්තෙන් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඔහු සමත් වුනා.

එමෙන්ම මෙවර Punjab Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting වන අතර, මීට පෙර ඔහු Iyer සමඟින් ම Delhi Capitals කණ්ඩායමේ පුහුණුකරු වගකීම දැරුවා. එම සබඳතාව ඉතා සාර්ථක එකක් වූ අතර, මෙවරත් එවැනි ම සුසංයෝගයක් වෙනුවෙන් ඔවුන් දෙදෙනා ම බලාපොරොත්තු තබා ඇති බවයි පෙනී යන්නේ.

Related Articles

Back to top button