
ජිවිතේ හැම සතුටක්ම තිබුණා… ඒ අවාසනාවන්ත දවස උදා වෙනකම්…
ඒත් අද ඇය ආපහු සිනා වෙන්න වෙර දරමින් ඉන්නවා…
ඇය මැණික් ලංකා රාජිණී විජේවර්ධන… වසන්ත පෙරේරාගේ බිරිඳ…
ලඟදි දවසක ඇය විසින් සිය මුහුණු පොතේ සංවේදී සටහනක් එක් කරලා තිබුණා… ඇගේ අම්මා , ඇයගේ නංගී සහ මල්ලී එක්ක… ගත්ත ෆොටෝ එකක් එක්ක ” වේදනාව නොහැගෙන්න මා හට ශක්තියක් වූ මගේම ආදරණීයන්… කියලා … ඇය ආපහු ටිකෙන් ටික සුවය ලබමින් හඟුරන්කෙත මහගෙදර ඉන්නේ… ඒ වගේම ඇගේ පවුලේ අය ඇය වටා ඉන්නවා… ඇගේ පිටරට සිටින සොයුරියන් , ඇගේ මිතුරියන් මේ ටිකේ ඇයව බලන්න එනවාලු..
ඒ වගේම ඇගේ සැමියාගේ හිත මිතුරන් පවුල්වල අය ඇයගේ දුක සැප සොයා බලන්න එනවා.. ඒත් ඇයව බලන්න නාපු පිරිසකුත් ඉන්නවා…
ඒ ගැන නම් ඇය තවම කිසිවක් කියන්නේ නැහැ… ඇයගේ මුහුණු පොතේ නිතරම වසන්ත පෙරේරා එක්ක ඇය ගෙවපු ජිවිතේ මතකයන් බෙදා ගන්නවා දකින්න ලැබෙනවා…
වෙඩි අටක් ශරීරයට වැදිලත් ඇය ජිවත්වෙන එක හාස්කමක් වගේ කියලා තමයි ඇයට ආදරේ කරන අය පවසන්නේ…
ඇය ජිවිතේ යතාව අවබෝධ කරගන්න ශාරීරිකවත් මානසිකවත් වෙරදරන මේ වගේ මොහොතක ඇගේ මවත් , ඇගේ නැගණියන් දෙදෙනාත් , ඇයට වචනයකින් හරි ශක්තිය සහ ආශිර්වාදය ලබා දෙන හැමෝම ඇයට ලබා දෙන ශක්තිය ගැන ඇය හැම විටම ස්තූතිවන්ත වෙනවා දකින්න ලැබෙනවා …






