
සුප්‍රකට තාක්ෂණික ව්‍යාපාරික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Starship Flight 8 යන අභ්‍යවකාශ යානය එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වී ගොස් තිබෙනවා.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (06) පස්වරු 5:30ට දකුණු ටෙක්සාස් හි මෙම පිපිරීම සිදුව තිබුණා.
මේ හේතුවෙන් ෆ්ලොරිඩාවේ ගුවන් ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.
එමෙන්ම SpaceX සමාගම විසින් නිෂ්පාදනය කළ තවත් යානයක් පසුගිය මස දී විනාශ වුණා.
ඒ අනුව, මෙම වසරේ මෙලෙස විනාශ වූ දෙවැනි යානය මෙයයි.



