World

එලෝන් මස්ක්ගේ තවත් අභ්‍යවකාශ යානයක් එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වෙයි

එලෝන් මස්ක්ගේ තවත් අභ්‍යවකාශ යානයක් එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වෙයි

සුප්‍රකට තාක්ෂණික ව්‍යාපාරික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Starship Flight 8 යන අභ්‍යවකාශ යානය එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වී ගොස් තිබෙනවා.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (06) පස්වරු 5:30ට දකුණු ටෙක්සාස් හි මෙම පිපිරීම සිදුව තිබුණා.

මේ හේතුවෙන් ෆ්ලොරිඩාවේ ගුවන් ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.

එමෙන්ම SpaceX සමාගම විසින් නිෂ්පාදනය කළ තවත් යානයක් පසුගිය මස දී විනාශ වුණා.

ඒ අනුව, මෙම වසරේ මෙලෙස විනාශ වූ දෙවැනි යානය මෙයයි.

Related Articles

Back to top button