
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අපේක්ෂකයෙකු විසින් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 74ත් 160ත් අතර මුදලක් වියදම් කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24 වනදා ආරම්භ කෙරුණු අතර ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.



