Local News

රබර් කිරි බවුසරය පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

රබර් කිරි බවුසරය පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (26) රාත්‍රී 12ට පමණ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක පළ කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් කලවාන පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු පවත්වයි.

Related Articles

Back to top button