Sports

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව තිබේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී එය ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයේ දී මහිදි හසන් මිරාස් පළමු වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චරිත් අසලංක විසිනි.

දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

Related Articles

Back to top button