Local News

කේ. සුජිවා වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව යයි.

කේ. සුජිවා වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව යයි.

අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණා.

සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එම වෙඩි තැබීමෙන් කේ. සුජීවාගේ සැමියාද ජීවිතක්ෂයට පත්වුණා.

Related Articles

Back to top button