ඇන්ජලෝ මැතිව්ස්ට ඉදිරි තරඟ වලදී සිදුවන දේ ගැන තේරීම් කමිටුව තීරණයක් ගනී.

ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කළ බවයි උපුල් තරංග සඳහන් කළේ.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව සඳහන් කළා.