රටේ ආරක්ෂාව වෙනුවෙන් හිතුමතේ මිනිසුන් ඝාතනය කිරිමට ඊශ්‍රායලයට අයිතියක් නොමැති බව අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ එරට සංචාරයක නිරත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (25) මුණ ගැසුනු අවස්ථාවේදියි.
එමෙන්ම, තමන් ජනාධිපති වුවහොත් මේ සම්බන්ධයෙන් නිහඬව සිටීමට සූදානම් නොමැති බවද අමෙරිකානු උප ජනාධිපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.