මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරය අසල පාසලකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
හමාස් සංවිධානය, ප්‍රහාර මෙහෙයවීමට සහ ආයුධ ගබඩා කිරීමට රහස් ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර, ඉන් වැඩි පිරිසක් දරුවන් බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත්තේ.