Local News

වී සහ අනෙකුත් වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

වී සහ අනෙකුත් වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

2024/25 මහ කන්නය සඳහා වී සහ අනෙකුත් වගාවන්වලට උපරිම හෙක්ටයාර 02ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

තවද, මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගමවන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවින් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමටත් අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම මෙසේ ගොවින් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝග ඵලදායීතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය කර තිබෙනවා.

එම නිසා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මේ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

Related Articles

Back to top button