Local News

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා.

මෙම සංවත්සර සැමරුම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ආදි කතෘවරුන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව චාම් උත්සවයක් පැවැත්වීමට පක්ෂ මූලස්ථානය, කටයුතු සංවිධානය කර තිබෙනවා.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 06 වැනිදා ස්ථාපිත කරනු ලැබුවා.

Related Articles

Back to top button