Local News

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද පොළෙන් රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටියම කිසිඳු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ ශාලාව වෙත ගෙනවිත් භාරදෙන්නේ ද යන්න පිළිබඳව සමහර දේශපාලඥයන්, අපේක්ෂකයන් තුළ සැක ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

එවැනි කිසිදු අක්‍රමිකතාවක් සිදුවිය නොහැකි නමුත් එකී සැකය දුරු කිරීමේ පියවරක් වශයෙන් පසුගිය ඡන්ද වීමසීම්වලදී ඡන්ද පෙට්ටිය විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන ඒමට උපදෙස් දුන් බවත් මෙම ඡන්ද වීමසීමේදී එම ක්‍රියා පිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනු ලබන බවත් මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළා.

එයට අමතරව ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමේ දී අහඹු ලෙස තෝරා ගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඡන්ද පොළ නියෝජිතයන් විසින් පිටපත් 6කින් යුතුව අත්සන් කළ ආකෘතියක මුල් පිටපත ද එහි අලවා එක් පිටපතක් සුරක්ෂිතව ගණන් කිරීමේ ශාලාව වෙත යවන අතර අනෙකුත් පිටපත් එම අවස්ථාවේදීම ඡන්ද පොළ නියෝජිතයන්ට නිකුත් කිරීමටද ක්‍රියා කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයින් වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි කරනු ලබන ඉල්ලීමකට ඉඩ දීමට තීරණය කර තිබෙනවා.

යම් අපේක්ෂකයෙකුට අවශ්‍ය නම් අවසන් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා මග දෙපස, අවසර ලබා දී ඇති ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රඳවා තැබිය හැකි අතර ඒ පිළිබඳව පොලිස් නිලධාරීන්ද දැනුවත් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Articles

Back to top button