ජපානයේ ටෝකියෝ හි ඉසු දූපත් ආසන්නයෙන් රික්ටර් මාපක 5.9ක භූ චලනයක් සිදුව තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50ක පමණ උසැති උදම් රළක් පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් කිසිදු හානියක් සිදුව නැහැ.