Local News

කථානායක නව ජනපතිට යැවූ පණිවිඩය මෙන්න

කථානායක නව ජනපතිට යැවූ පණිවිඩය මෙන්න

නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවත්, ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීම රටපුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොවන බවත්  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බව ද කථානායකවරයා තවදුරටත් පෙන්වා දී ඇත.

Related Articles

Back to top button