ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී ඊයේ ඉනිම අත්හිටවනු ලැබුවා.
සුපිරි පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී 106යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් රැස් කළා.
ඊයේ දෙවන දිනයේදී යළිත් වාර්තා පොතට එක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණේ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තුන්වන ස්ථානයට පත්වෙමින්.
ඒ අනුව ඔහු එම දක්ෂතාවයෙන් ක්‍රිකට් විශිෂ්ඨයෙකු වූ ඩොන් බ්‍රැඩ්මන් පිහිටවූ වාර්තාව සම කිරීමට සමත් වුණා.
කමිදු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අර්ධ ශතක 4ක් සහ ශතක 5ක් සමගින් ලකුණු 1,002ක් රැස්කර තිබෙනවා.
ඊයේ දෙවන දිනට තරගය නතර කරන විට නවසිලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටිනවා.