ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය අතර අවස්ථා 05 කදී ඉන්ධන මිල ගණන් පහළ ගියා. මාර්තු මාසයේ සහ අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවුණේ නැහැ.
නව රජය පත්වීමත් සමග පළමුවරට සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනය වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් අඩුවුණා. ඒ අනුව, එම පෙට්‍රල් ලීටරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 311කටයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුවුණේ නැහැ.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 283 ක්.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩුවූ අතර එහි නව මිල රුපියල් 319 ක් වනවා.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 183ක් ලෙස දැක්වුණා.
මේ අතර අගෝස්තු මාසයේ 31 වනදා සිදු කෙරුණු සැප්තැම්බර් මාසයට අදාළ මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දැමුණු අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ ගියා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ද, ලංකා සුපිරි ඩීසල් මිල රුපියලකින් එහිදී ඉහළ දැමුණා. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ ගියා.
කෙසේ වෙතත් අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවූ අතර ජුලි මාසය සඳහා අඩුවූ ඉන්ධන මිල ගණන් අගෝස්තු මාසය පුරාද එලෙසින්ම පැවතුණා.
ඒ අනුව ජුලි සහ අගෝස්තු මාස දෙකෙහිම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 344 කට අලෙවි වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 379 ක් වුණා.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 355 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 202ක් ලෙසයි එම මාසවල පැවතුණේ.