ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
මුම්බායිහිදී පැවැත්වෙන මෙම තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම ඊයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 171ක් ලබා සිටියා.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 235ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263ක්.
ඒ අනුව, මේ වන විට නවසීලන්ත කණ්ඩායම ලකුණු 143ක් ඉදිරියෙන් පසුවනවා.