Local News

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු අඩුකිරීමට පසුගිය මස 24 වනදා ඉදිරිපත් වු යෝජනාව විදුලිබල ක්ෂෙත්‍රය නියාමනය කරනු ලබන මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

2024 වසරේ අවසන් කාර්තුවේ පුරෝකථනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 – 2022 අතර කාලයේ ගත් ණය යලි ගෙවීම් ද සළකා සියයට 06 සිට 11 දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩුකිරීමට එමගින් යෝජනා කර තිබුනා.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළේ විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇති පරිදි විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් නොකළහොත් මණ්ඩලයේ ලාභයෙන් පාරිභෝගිකයින්ට සහන සැලසීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ගාස්තු සංශෝධන යෝජනා ලබන මස 06 වනදා වන විට ඉදිරිපත් කළ යුතු බව එහි දැක්වුණා.

විදුලිබල මණ්ඩලය අද නිකුත් කළ නිවේදනයෙන් ඒ පිළිබදවද අදහස් දක්වා ඇති අතර අදාළ දිනයට පෙර නව යෝජනාව ක්‍රමවත් පරිදි මහජන උපයෝගිතා කොමිසමට යොමුකරන බවයි එමගින් දක්වා ඇත්තේ.

Related Articles

Back to top button