පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් 73 න් 37ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම වැව්වල ජල ධාරිතාව සියයට 77 ඉක්මවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර, ගංවරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා අම්පාර, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත අනුයුක්ත කරන ලද නාවික හමුදා සහන මෙහෙයුම් අද දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
එමෙන්ම, ආරුගම්බේ ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් විදේශීය සංචාරකයන් පිරිසක් සදහා සහන සැලසීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.