Local News

උද්ධමනය තවත් අඩුවෙයි

උද්ධමනය තවත් අඩුවෙයි

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි.

2024  නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙසය.

එමෙන්ම,  2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.

Related Articles

Back to top button