Local News

ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය අද

ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය අද

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අදත් (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ පෙරවරු 9.30 සිට සවස 5.00 දක්වාය.

අනතුරුව පස්වරු 5.00ට ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතව ඇත.

ඊයේ දිනයේ ආරම්භ වූ විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් තම අදහස් පළ කළ අතර පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක්ද අද පැවැත්වීමට නියමිතය.

එය අද පස්වරු 5.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වේ.

Related Articles

Back to top button