Local News

රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

අදාළ බලපත් ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් එම ප්‍රකාශයේදී දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මේ බව පවසන්නේ, ඉකුත් ඡන්ද සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

පසුගිය රජය විසින් නිකුත් කෙරුණු මත්පැන් බලපත්‍ර ලැයිස්තුව බිමල් රත්නායක මහතා එහිදී පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

Related Articles

Back to top button