ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අසෝක සපුමල් රංවලගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉන් ඉවත් කර තිබෙනවා.
ඒ කතානායකවරයාට ආචාර්ය උපාධියක් තිබෙනවාද නැතිද යනුවෙන් විවාදයක් මතු වී තිබෙන අතරවාරයෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
එහි දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ඉදිරියේ දී කතානායකවරයා ඉදිරියේ දී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි.