Life Style

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙහිදී එම මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා පැවසුවේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහි සජීවි දර්ශන ඉහතින් දැක්වේ.

මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත් එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව මහත් සහයෝගයක් ලබා දුන් බවයි.

එමෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Back to top button