
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වින්ධ්‍යා ජයසේකර මහත්මිය පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2025 ජනවාරි 01 වන දින සිට වින්ධ්‍යා ජයසේකර මහත්මිය එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කර ඇති බවයි.
මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රජීව බණ්ඩාරනායක මහතා වසර 11 ක සේවා කාලයකින් අනතුරුව ඒම තනතුරෙන් විශ්‍රාම යාමත් සමඟම ඒ සඳහා වින්ධ්‍යා ජයසේකර මහත්මිය පත්කර තිබේ.
ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ දශක දෙකකට අධික දීර්ඝ පළපුරුද්දක් ඇති ජයසේකර මහත්මිය, ආයෝජන බැංකුකරණය හා වත්කම් කළමනාකරණය පිළිබඳව ප්‍රවීණයෙකි.



