Local News

පැහැරගත් සිසුවියගේ පියා සියල්ල හෙළිකරයි

පැහැරගත් සිසුවියගේ පියා සියල්ල හෙළිකරයි

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පසුගියදා පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවිය සහ ඇය පැහැරගත් සැකකරු අම්පාර පොලිස් නිලධාරින් විසින් ඊයේ (13) රාත්‍රියේ දවුලගල පොලීසිය වෙත භාර දී තිබේ.

සැකකරු සහ සිසුවිය ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර දැරියගේ පියා පොලීසියට පැමිණ තිබූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, තම දියණිය හා සැකකරු අතර කිසිදු ප්‍රේම සබඳතාවයක් නොමැති බවය.

දියණිය පැහැරගත් සැකකරු තම ඥාති පුත්‍රයෙක් වුවත් සෙසු දෙදෙනා පිළිබඳ නොදන්නා බවද පැවසු පැහැරගැනීමට ලක්වූ සිසුවියගේ පියා සඳහන් කර සිටියේ මෙය හුදෙක් කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවය.

Related Articles

Back to top button