Local News

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරු ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.

Related Articles

Back to top button